ඔරලෝසුවක් නිර්මාණය කිරීම නිසා සිරගත කෙරුණු සිසුවාට ඔබාමාගෙන් සහ සකර්බර්ග් ගෙන් ආරාධනා

ඔරලෝසුවක් නිර්මාණය කිරීම නිසා සිරගත කෙරුණු සිසුවාට ඔබාමාගෙන් සහ සකර්බර්ග් ගෙන් ආරාධනා

අහමඩ් මොහොමඩ් (Ahmed Mohamed) කියන්නේ අවුරුදු 14ක් වයස ඇමෙරිකාවේ ජිවත් වෙන මුස්ලිම් දරුවෙක්. ඔහු කුඩා කල සිටම විවිධ දෑ නිර්මාණය කිරීමට හපන්කම් දක්වනවා. ඔහු ඉගෙනුම ලබමින් සිටියේ Dallas උසස් පාසලේ. එය නගරයෙන් ඔබ්බට වන්නට පිහිටා තිබුනා. පසුගිය සඳුදා දින ඔහු සිය පාසලේ ඉංජිනේරු විෂය භාර ගුරුතුමාට තමන්ගේ මේ නිර්මාණය පෙන්වීම සඳහා එය පාසලට රැගෙන ගියා. බැලු බැල්මට මේ නව නිර්මාණය අනෙක් ඔරලෝසු වලට වඩා වෙනස්. යකඩ පෙට්ටියක් ඇතුලේ තිබ්බ මේ ඔරලෝසුව ඩිජිටල් තිරයක් , පරිපථ සහ වයර් වලින් පිරි තිබුණා. නිර්මාණය දුටු ගුරුවරයා සිසුවාගේ නව නිර්මාණයට ගොඩාක් කැමති වුණා. ඒ වගේම මේ නිර්මාණය අනෙක් ගුරුවරුන්ගෙන් වසන් කර තබාගන්නා ලෙසත් ඔහුට අවවාද කළා.

කොහොමහරි පාසැල පැවැත්වෙන අතරතුර ඉංග්‍රීසි ඉගැන්වෙන කාල පරිච්චේදයේදී අහමඩ් නිර්මාණය කල ඔරලෝසුව නාද වෙන්න පටන් ගත්තා. මේ පිළිබඳව විමසිලිමත් වූ ගුරුවරියට අහමඩ් ට තමන් ළඟ තිබූ නව නිර්මාණය පෙන්වන්න සිද්ධ වුණා. මේ ඔරලෝසුව දැක්ක ගමන් කලබල වුනු ගුරුවරිය වහා පාසලේ බලධාරීන්ට දැනුම් දුන්නේ පාසල තුලට බෝම්බයක් වැනි දෙයක් රැගෙන ඇති බවයි. පසුව පැමිණි පොලිස් නිලධාරින් මේ දරුවා පොලිසියට රැගෙන ගියේ මේ ගැන වැඩි දුර තොරතුරු සොයා බැලීමටයි.

සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් අහමඩ් පවසා සිටියේ තමන්ගේ ගුරුවරිය අවාසනාවකට මෙන් සියල්ල වැරදි ලෙස තේරුම් ගත බවයි. ඇයට හානියක් සිදු කිරීමට මෙය රැගෙන විත් ඇති බව සිතෙන්නට ඇතැයි අහමඩ් මාධ්‍යට පවසා සිටියා.

මේ සිදුවීම නිසා අහමඩ් ට දින තුනක පන්ති තහනම ක් ද පැනවුනා. ඔහුගේ නිර්මාණය රාජසන්තක කෙරුනා. මේ සිදුවීම වාර්තා වීමත් සමඟ ටෙක්සාස් හි (Texas) ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බොහෝ දෙනෙක් මැසිවිලි නගන්නට වුයේ මුස්ලිම් අන්තවාදය යැයි පවසමින් මුස්ලිම් ජනයාට ආසාධාරණ ලෙස සලකමින් ඔවුන් දෙස සැකසහිත ලෙස බැලීමේ ක්‍රියාවලියේ ප්‍රතිපලයක් ලෙස මෙය සිදුවූ බවයි.

මේ සිදුවීම පිලිබඳ දැනගත් ඇමෙරිකානු ජනපති බැරක් ඔබාමා මහතා සිය Twitter ගිණුම හරහා “Cool clock ,Ahmed. “Want to bring it to the White House? We should inspire more kids like you to like science. It’s what makes America great.” ලෙස අදහස් පළකර සිටියා. මෙවැනි දරුවන් තමයි රටට අවශ්‍ය. කැමති ද ඔරලෝසුව අරන් ධවල මන්දිරයට එන්න? ඔබාමා සිය twitter පණිවිඩයේ සඳහන් කර සිටියා. ඒ වගේම Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ගෙන් ද අහමඩ් ට ඇරයුමක් ලැබුණේ කැමති වෙලාවක Facebook කාර්යාලයට පැමිණ තමන් හමු වන ලෙසටයි. මේ සිද්ධියෙන් පසු අහමඩ් වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණා

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s